Tue. Jun 24th, 2025

මේජර් ජනරාල් ජානක පෙරේරා ඝාතනය: යළි පරීක්ෂණයක් ඉල්ලයි!

Dec12,2024 #news #police #slpolitics

2008 වසරේ අනුරාධපුරයේදී ඝාතනය වූ මේජර් ජනරාල් ජානක පෙරේරා ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්නැයි සමීප ඥාතීන් විසින් යළි රජයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙනවා.

මේජර් ජනරාල්වරයා ඔහුගේ බිරිඳ ඇතුළු 18 දෙනෙකු මේ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වුණා. ඔහු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙසද කටයුතු කරනු ලැබුවා. උතුරු මැද පළාත් සභාවේ මහඇමැති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්ව සිටියදී අනුරාධපුර ඔහුගේ මැතිවරණ කාර්යාලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ඔහු ඝාතනය වුණා.

මෙම ඝාතනය දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ ගිනුමට බැර වූ අතර ඊයේ (11) මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණි ඔහුගේ සොහොයුරෙකු සහ ඥාති පුත්‍රයෙකු පැමිණිලි කරමින් ඉල්ලා සිටියේ නැවත මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *