මෙරට ප්රධාන පෙළේ වී මෝල් හිමියන් විසින් වී මිලට ගැනීම මේ වන විට අරඹා තිබෙනවා. ඔවුන් රජයේ පාලන මිලට වඩා වී කිලෝවකට රුපියල් 5-6ක් වැඩිපුර ලබා දී වී මිලට ගන්නා බවයි වාර්තා වන්නේ.
ගොවීන්ද පවසන්නේ එම මිලට තමන් පෞද්ගලික වෙළෙඳුන්ට වී අලෙවි කරන බවයි.
ඒ අතර රජය සඳහන් කරන්නේ, තමන් එක් ගොවියෙකුගෙන් වී මිලට ගන්නේ උපරිම වී කිලෝ 5000ක ප්රමාණයක් පමණක් බවයි.
මෙවර ද මෝල් හිමියන්ගේ ඒකාධිකාරයට අභියෝග කිරීමට රජයට නොහැකි බවයි ක්ෂේත්රයේ ප්රමාණිකයෙක් කියා සිටියේ.