Sat. Jun 28th, 2025

මහින්දගේ ආරක්ෂාව 60ට බස්සයි!

Dec12,2024 #news #police #slpolitics

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක බළකාය 60 දක්වා අඩු කර ඇති බව වාර්තා වෙනවා.

හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් 116 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවත් මේ වන විට දෛනික රාජකාරි සඳහා සිටින්නේ 20කට අඩු සංඛ්‍යාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ දිස්ත්‍රික් පොදුජන පෙරමුණ උප සභාපති නීතිඥ මනෝජ් ගමගේ චෝදනා කරන්නේ එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ උසිගැන්වුම් අනුව මෙසේ කර ඇති බවයි.

හිටපු ජනපතිවරයාගේ ජීවිතයට යම් හානියක් සිදු වුවහොත් ජනපතිවරයා ඇතුළු ආරක්ෂාව අඩු කළ මෙම රජය එහි වගකීම භාරගත යුතු බව සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *