හිටපු ජනපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවා තිබෙන ආරක්ෂකයන් ගමන් ගන්නා රථ (backup vehicle) තුනක් නැවත රජයට භාර දෙන ලෙස ජනපති ලේකම් කාර්යාලය දැනුම් දී තිබෙනවා.
මේ වන විට හිටපු ජනපතිවරයා තංගල්ල නිවසේ රැඳී සිටින බවත් කොළඹ පැමිණි පසු ඒවා භාර දීමට කටයුතු කරන බවත් හිටපු ජනපතිගේ පාර්ශ්වයෙන් දැනුම් දී ඇතැයි සඳහන්.
කෙසේ වෙතත් මෙවැනි තීරණ ගන්නේ බුද්ධි අංශවලින් විමසා දැ යි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් විමසනවා. රටේ යුද්ධය අවසන් කළ නායකයා ලෙස මහින්ද රාජපක්ෂගේ ජීවිත තර්ජනය අවසන් නැති බව ඔහු කියා සිටිනවා.