Mon. Jun 23rd, 2025

මහින්දාන්නදගේ තල්ලුවෙන් රාජපක්ෂගේ කකුල කැඩෙයි!

Jun4,2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ පැවති ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා තුවාල ලබා රෝහල්ගතකර ඇති බව වාර්තා වෙයි.

එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් සඳහා මුදල් ප්‍රතිපාදන ගැටලුවක් මුලකර ගනිමින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.

පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා මැදිහත් වී එම සිදුවීම සමථයකට පත් කළද මන්ත්‍රී කණ්ඩාම් රැස්වීම අවසන් වී නික්ම යන අවස්ථාවේ පඩිපෙළ මතදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර යළිත්වරක් බහින් බස්වීමක් සිදුව තිබේ.

එම අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් තල්ලු කිරීමට යාමේදී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා පඩිපෙළේ ඇදවැටී ඇති බව වාර්තාවේ.
අනතුරින් තුවාල ලැබූ මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇත.

ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පාදයේ අස්ථි බිඳුමක් සිදුව ඇති බව වෛද්‍යවරුන් විසින් අනාවරණය කරගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ තමන් සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර බහින්බස්වීමක් සිදුවුවද තල්ලුකිරීමට ලක් නොකළ බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *