Sat. Jun 28th, 2025

මහරජාණෝ දේශපාලනයෙන් සමුගනිති!

Oct6,2024 #2024 #news #slpolitics

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ එළැඹෙන මහමැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

රටේ මේ මොහොතේ ඔවුන්ගේ දේශපාලනයට උද්ගතව ඇති අවාසිදායක තත්වය මීට ප්‍රධානතම හේතුව බවයි සැලවන්නේ. සියලු වැරවෑයම් සහ පැරණි කීර්තිය ද යොදාගෙන ජනපතිවරණයට පිවිසි නාමල් රාජපක්ෂ වෙත මුළු රටෙන් ම ඡන්ද ලක්ෂ 3ක්වත් ලබා ගැනීමට නොහැකි වීම රාජපක්ෂ හවුලේ බරපතළ කණගාටුවට තුඩු දී ඇති බවයි පැවසෙන්නේ.

මෙම හේතුවට අමතරව හිටපු ජනපතිවරයාගේ වයෝවෘද්ධභාවයද සෞඛ්‍ය තත්වයද මෙම තීරණය ගැනීමට හේතු වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ විශේෂ පරිච්ඡේදයක් සටහන් කළ මහින්ද රාජපක්ෂ දේශපාලනයේ සමුගැනීම මෙලෙස සිදුවීමට නියමිත වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *