Wed. Apr 30th, 2025

මහින්ද රාජපක්ෂ වැලිකඩින් බෝඩිමක් හොයාගන්න : හඳුන්නෙත්ති

Oct29,2024

කාළකණ්ණි පාලකයන්ගෙන් රට නිදහස් කරගැනීමට හැකි වූ බව ජාතික ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සුනිල් හඳුන්නෙත්ති පවසනවා. එය බැංකු පොත්වල කෝටි ගණන් ඉතුරු කරනවාට වඩා වටිනා බව ද ඔහු කියා සිටිනවා.

රටට මෙතෙක් ණයක් නොදුන් රටවල් දැන් ලංකාව නාස්ති නොකරන හොරකම් නොකරන පාලකයෙක් සිටින රටක් ලෙස පිළිගෙන ඇති බව ද ඔහු සඳහන් කළා.

කපුටු තටුවක් එල්ලන්න කී ජොන්ස්ටන්ගේ තටුව වැලිකඩ එල්ලූ බවත් ඔහුගේ සුව දුක් විමසීමට  මහින්ද රාජපක්ෂ ද වැලිකඩ ගිය බවත් පවසන හඳුන්නෙත්ති වැලිකඩ යෑමට තව ලොකු පෝලිමක් ඇති නිසා මහින්ද රාජපක්ෂට වැලිකඩ කිට්ටුවෙන් බෝඩිමක් සොයා ගැනීමට සිදුවනු ඇතැයි ද අවධාරණය කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *