Sat. Jun 28th, 2025

“තීරණ ගන්නෙ මහින්ද නෙවෙයි” චානකගෙන් අනාවරණයක්

පසුගිය ජනාධිපතිවරණ සමයේ පක්ෂයේ තීන්දුව එරෙහිව ක්‍රියා කළ අය නැවත පක්ෂයට සම්බන්ධ කර ගැනීම ගැන තීරණයක් ගෙන නොමැති නමුත් මහින්ද රාජපක්ෂ මහතා බැලීමට ඔවුන් පැමිණෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා පවසනවා.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කළා.

”පරණ යාළුවො ටික ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයව බලල යනවා. එතුමන්ලාගේ ඉල්ලීම් තියෙනවා. හැබැයි අපි කලින් කිව්වා වගේ තමයි අපේ පක්ෂයේ විධායක සභාවක් තියෙනවා. ඒ වගේම දේශපාලන මණ්ඩලයක් තියෙනවා. ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඒක ඇතුලේ තමයි සියලු තීරණ ගන්නේ. එහෙම නැතුව මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් සාගර ලේකම්තුමාවත් නෙවෙයි තීරණ ගන්නේ. එතුමන්ලා තීරණ ප්‍රකාශ කරන ගමන් අපි ප්‍රජාතන්ත්‍රවාදීව තීරණ ගන්නේ විධායක සභාවේ හා දේශපාලන මණ්ඩලයේදී. ඒ හන්දා ඒකට ඕන කෙනෙකුට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් යෝජනා ඉල්ලීම් කළා එතුමාට සහයෝගය දෙන්න කියල. හැබැයි අපි එතැනදී ඒ වෙලාවේ එය ප්‍රත්ක්ෂේප කළා. ඒ නිසා සමහර ඒවාට එකඟවෙන්න පුළුවන්, එකඟ නොවෙන්න පුළුවන්. හැබැයි ඕන කෙනෙකුට පක්ෂයට ලියන්න පුළුවන්. යෝජනා ගේන්න පුළුවන්.” 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *