Sat. Jun 28th, 2025

එල්.පී.එල් ක්‍රිකට් තරගාවලිය අද සිට

Jul1,2024

2024 ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය අද (01) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එහි ආරම්භක තරගය අද රාත්‍රී 7.00ට කැන්ඩි ෆැල්කන්ස් සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම් තරග වැදීමට නියමිතයි.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 තරගාවලියේ පළමු තරගය ද ඇතුළුව තරග 5ක් මහනුවර පල්ලෙකැල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඉන් අනතුරුව 5 වැනිදා සිට 10 වැනිදා දක්වා තරග 9ක් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් ඉන් අනතුරුව 13 වැනිදා සිට තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *