Fri. May 2nd, 2025

හිටපු සෞඛ්‍ය ඇමැතිට මානසික ප්‍රතිකාර ඉල්ලයි

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු ප්‍රධාන සැකකරුවන් සිව්දෙනා, දරුණු මානසික පීඩනයකට ලක්ව ඇති බව එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ මණ්ඩලය ඊයේ අධිකරණය හමුවේ ප්‍රකාශ කළ බව වාර්තා වෙනවා.

වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කරමින් නීතීඥ මණ්ඩලය ප්‍රකාශ කර තිබුණේ ඔවුන් සියදිවි නසා ගැනීමේ අවධානමක් ඇති බවත් ඒ නිසා ඔවුන් විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසත්ය.

මෙම ඉල්ලීම මෝසමක් මගින් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නීතීඥ මණ්ඩලයට දැනුම් දී ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *