අඩු මිල, ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළඳපොලට හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනි වල ප්‍රධාන අතුරුඵලය වන එතනෝල් යොදාගනිමින් මෙම කටයුත්ත සිදු කිරීමට අදහස් කර සිටින බවඒ ඇමැතිවරයා පැවසුවේ ලංකා සිනී සමාගමට අයත් පැල්වත්ත හා සෙවණගල සිනී කම්හල් නිරීක්ෂණයට එක් වෙමින්.
මෙම කම්හල් දෙකේ මේ වන විටත් ඇති සංචාරක බංගලා යොදා ගනිමින් eco tourism ප්‍රවර්ධනය කිරීමටත්, දැනට ලංකාව තුල ඇති නීතිවිරෝධී මත්පැන් භාවිතයට විසඳුමක් ලෙස ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනි වල ප්‍රධාන අතුරුඵලය වන එතනෝල් යොදාගනිමින් අඩු මිල ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හඳුන්වා දීමටත්, කාබනික පොහොර නිෂ්පාදනයට හා අපනයන වෙළඳපොළ ඉලක්ක කොට කාබනික සීනි නිෂ්පාදනයට මෙහිදී අවධානයට ලක් කෙරුණා.