නීතිවිරෝධී අයුරින් කොටස් එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.
ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ එහි ප්‍රතිකාර ලබන බවයි පැවසෙන්නේ.
මේ මස 7 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ ඔහු පසුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණේ අසනීප තත්වයන් නිසාවෙන් අධිකරණය නිකුත් කළ නියෝගයකින්. කෙසේ වෙතත් අසනීප තත්වය උග්‍ර වීම නිසා ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කළ බව සඳහන් වෙනවා.