හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ එළැඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබෙනවා.
පසුගිය මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වැදී ජයගත් ඔහු රාජ්‍ය අමාත්‍ය ධුරයක් දැරුවේ ගෝඨාභය රාජපක්ෂ රජයේයි. පසුව රනිල් වික්‍රමසිංහ ජනපති යටතේ ද ඔහු රාජ්‍ය අමාත්‍ය ධුරයක් දැරුවා.
තමන් ජීවත්ව සිටින තුරු අනුර කුමාර දිසානායකට ජනපති වීමට ඉඩ නොදෙන බවට වේදිකාවේ කළ ප්‍රසිද්ධ ප්‍රකාශය පසුගිය ජනපතිවරණ සමයේ දී ආන්දෝලනයකට ලක් වුණා.