Fri. Jun 27th, 2025

ලොහාන්-රශිපබාගේ බොරු හෙළි වෙයි!

Nov5,2024 #news #police #slpolitics

නීතිවිරෝධී අයුරින් මෙරටට ආනයන කර කොටස් එකලස් කර තැනූ කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ රශි පබා රත්වත්තේ අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ පසුවෙනවා.

මෙම රථය ගැන මේ දෙදෙනා පැවසූ ප්‍රකාශ ව්‍යාජ ඒවා බව පොලිස් විමර්ශනවලින් හෙළිව ඇතැයි සඳහන්. හිටපු ඇමැතිවරයාගේ බිරිඳගේ නිවසේ තිබියදී මෙම රථය අත්අඩංගුවට ගත් අතර විමර්ශනවලදී ඇය කියා සිටියේ පසුගිය දා වෙඩි තබාගෙන මිය ගිය රාජ්‍ය ඇමැතිගේ පෞද්ගලික ලේකම්වරයා විසින් සති තුනකට පමණ පෙර නිවසට ගෙනැවිත් දැමූ බවයි.

කෙසේ වෙතත්, විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ 2021 වසරේ පවා රාජ්‍ය අමාත්‍යවරයා මෙම රථය භාවිතා කර ඇති බවයි. මෙම රථයට රාජ්‍ය අමාත්‍යවරයාගේ පෙර බිරිඳගේ මෝටර් රථයේ අංකය භාවිතා කර තිබු බවද හෙළි වී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *