සුරාබදු දෙපාර්තමේන්තුවට හිඟ බදු ගෙවීම පැහැර හරින මත්පැන් නිෂ්පාදන සමාගම්වල ලැයිස්තුවක් බලපත්‍ර අහෝසි කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට කටයුතු කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් නිශාන්ත ජයවීර ‘දිවයින’ට පවසා තිබුණා.
හිඟ සුරාබදු ගෙවන ලෙස කාලය ලබාදී ඇති බවත් එම මුදල් නොවැම්බර් 30 වැනිදා තෙක් නොගෙවන ආයතනවල බලපත්‍ර අහෝසි කිරීම සඳහා මුදල් ඇමැතිවරයා වන ජනාධිපතිවරයාට බලය තිබෙන නිසා සමාගම්වල ලැයිස්තුව ජනාධිපතිවරයාට ලබාදෙන බවත් නිශාන්ත ජයවීර සඳහන් කර තිබෙනවා.
මේ වනවිට මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අයවිය යුතු හිඟ බදු මුදල් ගෙවන ලෙස එම ආයතන දැනුවත් කර තිබෙන බව ද ඔහු පැවසුවා.
සුරාබදු දෙපාර්තමේන්තුව බදු එකතු කර ගැනීමේ ක්‍රියාවලිය මන්දගාමී බවත් තමා මේ වන විට නව තාක්ෂණය දෙපාර්තමේන්තුවට හඳුන්වාදීම සඳහා වැඩකටයුතු ආරම්භ කර ඇති බවත් ජයවීර හෙතෙම පවසා සිටියා.
මත්පැන් බෝතල්වල ඇලවීමට නව ස්ටිකරයක් හඳුන්වාදීම ලබන වසරේ මුල සිට සිදුකිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා මේ වනවිට ස්ටිකර් තොගයක් ලැබී ඇති බවත් නිශාන්ත ජයවීර වැඩිදුරටත් අනාවරණය කළා.