වසරකට පොල් ගෙඩි මිලියන 200ක් රිලවුන් විසින් විනාශ කිරීම පොල් මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරනවා.
තම රජය සමයේ රිලවුන් චීනයේ සත්‍වඋද්‍යාන වෙත යැවීමට සැලැසුම් සකස් කළේ මෙම ප්‍රශ්නය විසඳීම පිණිස බවත් පරිසරවේදීන් අධිකරණයට ගොස් එය නතර කළ බවත් කී හිටපු ඇමැතිවරයා ගස්වල සාරි බැඳ, තහඩු එල්ලා රිලවුන් කරන විනාශය පාලනය කළ නොහැකි බවත් කියා සිටිනවා.
තවමත් රිලවුන් චීනයට පැටවීමේ අවස්ථාව තිබෙන බැවින් එය ක්‍රියාත්මක කරන ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බවද හිටපු ඇමැතිවරයා පවසනවා.