Sun. Jun 22nd, 2025

බස් ගාස්තු වැඩියෙන් ගත්තොත් අද සිට වැඩ වරදියි

Bus strike against bus inspection

සංශෝධිත බස් ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කරන බස් රථවලට එරෙහිව අද සිට නීතිමය පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ප්‍රකාශිත ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කරන බස් රථ පිළිබඳව දැනුම් දෙන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ ආකාරයට ධාවනය වන අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් මගීන්ට ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙහි ක්ෂණික ඇමතුම් අංකය වන 1955 හෝ WhatsApp අංක 071 25 95 555 වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන පැවසුවේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සම්බන්ධයෙන් ක්ෂණික ඇමතුම් අංක 1958 ඔස්සේ සහ පළාත් බස් සේවා සපයන්නන් සම්බන්ධයෙන් අදාළ පළාත් අධිකාරියට පැමිණිලි කළ හැකි බවයි.

ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 4.24%කින් බස් ගාස්තු අඩු කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *