උතුරු කොරියාවේ නිෂ්පාදනය කළ නව බැලැස්ටික් මිසයිල විදිනයන් නිරීක්ෂණය කිරීමට නායක කිම් ජොන්ග් උන් සහභාගි වුණා.
බැලැස්ටික් මිසයිල විදිනයන් 250ක් උතුරු කොරියාව නිෂ්පාදනය කර ඇති අතර ඒවා ආරක්ෂක අංශ වෙත භාරදීමට පෙර නිරීක්ෂණය කිරීමටයි උතුරු කොරියා නායකයා එක්වූයේ.
මෙවැනි අවි ආයුධ හා උපකරණ එළිදැක්වීම හරහා දකුණු කොරියාව බිය ගැන්වීමට උතුරු කොරියාව උත්සාහ කරන බවට ද චෝදනා එල්ලවනවා.
උතුරු කොරියා නායකයාගේ පෞද්ගලික මැදිහත්වීමෙන් මෙම මිසයිල විදිනයන් නිෂ්පාදනය කර ඇති බවයි එරට මාධ්‍ය සදහන් කරන්නේ.
එම මිසයිල විදිනයන් උතුරු / දකුණු කොරියා දේශසීමා ආසන්නයේ ස්ථාන ගත කිරීමට නියමිත බව උතුරු කොරියා ආරක්ෂක අංශ නිවේදනය කරනවා