Fri. Jun 27th, 2025

අයහපත් කාලගුණයේ අලුත් ම තත්වය

Nov30,2024 #2024 #news #weather

දින කිහිපයක් තිස්සේ දිවයිනට අහිතකර කාලගුණයක් ගෙනා නිරිත දිග බෙංගාල බොක්කේ පවතින ෆෙනගල් නම් සුළි කුණාටුව ඊයේ (29) රාත්‍රී වන විට දිවයිනේ උතුරු දෙසින් ඈත් වෙමින් තිබෙන බව වාර්තා වෙනවා. එය අද සවස් කාලයේ උතුරු තමිල්නාඩුවේ පුදුචෙරි වෙරළාසන්නයට ළඟ වෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණ තත්වය ක්‍රමයෙන් පහව යනු ඇති.

උතුරු පළාතේත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් තවදුරටත් අහස වළාකුළුබරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම අපේක්ෂිතයි. උතුරේ වැසි මි.මි. 75 පමණ තරමක තද වැසි විය හැකි බවද අපේක්ෂා කෙරේ.

සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි අතර බස්නාහිර, වයඹ, උතුරු-මැද වැසි වාර කිහිපයක් ඇති වන බව දෙපාර්තමේන්තුව අනුමාන කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *