සෙංකඩගල ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර වීදි සංචාරය කිරීම අද රාත්‍රීයේ සුබ මොහොතින් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව රාත්‍රී 07.15ට ශ්‍රී දළදා මාලිගාවෙන් නික්මෙන දළදා පෙරහර නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල පෙරහර සමඟින් වීදි සංචාරයට එක් වනවා.
දළඳා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ ගමන් කරන පෙරහර රජ වීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදීම සිදු කෙරෙනවා.
සිව් වන කුඹල් පෙරහර ඊයේ රාත්‍රීයේ වීදි සංචාරය කළ අතර පස්වරු 7.20ට පෙරහර වීදි සංචාරයට එක්වුණා.
එහි සධාතුක පෙරහර කරඩුව වැඩම කරවන ලද්දේ ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පංතියට අයත් ඉන්දිරාජා හස්තියන් විසින්.
කෝට්ටේ රාජා සහ මියන් රාජා යන අතුන් දෑලේ ගමන් කරනු ලැබුවා.
ශ්‍රී දළදා මාලිගාව නියෝජනය කරමින් පෙරහැරේ ගමන් ගන්නා ලද්දේ කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතායි.
හෙට පළමු රන්දෝලි පෙරහර වීදි සංචාරයට එක්වන අතර අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු මස 19 වන දින රාත්‍රී වීදි සංචාරය කරනවා.
පසුදින අලුයම දිය කැපීම සහ දහවල් පෙරහර සමගින් මෙවර වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වනවා.