පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් පැවති සියලු පරීක්ෂණ කතෝලික සභාව පිළිනොගන්නා බැවින් පිළිගත හැකි යුක්තිසහගත පරීක්ෂණයක් පවත්වා කතෝලික ජනාතවට සාධාරණය ඉටු කරන්නැයි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පවසනවා.
එදා සිට මෙයට සාධාරණය ඉටු කරන ලෙස තමන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් හඩ නෑගු බැවින් මෙම අවස්ථාවේ ඒ පිළිබඳව ඉතා ඔනෑකමික් එය ඉල්ලා සිටින බව මීගමුව, වැල්ලවීදිය පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට සහභාගී වෙමින් ඔහු ප්‍රකාශ කළා.
“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික ජනතාවට සාධාරණයක් ඉටුවිය යුතු කියන මතයේ එදා ඉදන් හිටියා. පාස්කු ප්‍රහාරය සිදුවුනේ යහ පලාන ආණ්ඩුව කාලයේ. ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් වුනේ නැහැ කියන එක ගැන යහ පාලන ආණ්ඩුවට චෝදනාවක් එල්ල වෙනවා. ගෝඨාභය රාජපක්ෂ පාලනයටත් විධිමත් පරීක්ෂණයක් වුනේ නැහැ කියලා චෝදනාවක් එල්ල වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවටත් එම චෝදනාව එල්ල වුනා. ඒ නිසා කතෝලික ජනතාව විශාල වශයෙන් ජාතික ජන බලවේගයට ජන්දය ලබා දීලා තියෙනවා. අනුර කුමාර දිසානායක මහතා ගැන කතෝලික ජනතාව, කතෝලික සභාව විශාල විශ්වාසයක් තියලා තියෙනවා. අනුර කුමාර මහාතාට විශාල වගකීමක් තියෙනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික ජනතාවගේ සැක සංකා දුරු කරන්න.”