ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ වදින තමන් ඇතුළු කණ්ඩායම ආණ්ඩුවක් පිහිටුවීමට බලාපොරොත්තු නොවන බවත් තම අරමුණ වන්නේ ශක්තිමත් විපක්ෂයක් ගොඩනැඟීම බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (03) මීගමුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කළා.
“අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නෙ නෑ අගමැති කෙනෙක් පත්කරගන්න හෝ බහුතර බලයක් ලබාගන්න. අපි ජනතාවගෙන් ඉල්ලන්නෙ ශක්තිමත් විපක්ෂයක් ගොඩනගන්න එතුමන්ලාගෙ ඡන්දය දෙන්න කියන එක. අපි අගමැතිකම බලාපොරොත්තු වෙන්නෙ නෑ, අපි බලාපොරොත්තු වෙන්නෙ ශක්තිමත් විපක්ෂය. සමහර වෙලාවට සජිත් ප්‍රේමදාස මහත්තයාගෙ විපක්ෂ කණ්ඩායමත් අපිත් එකතුවෙලා පාර්ලිමේන්තුව තුළ මං හිතන්නෙ විශාල හඬක් නගන්න පුළුවන්. අපිට රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වය දෙනවා. මොකද එතුමාගෙ ආර්ථික වැඩපිළිවෙලනෙ තාම යන්නෙ. නමුත් එතුමා පාර්ලිමේන්තුවට එන්නෙ නෑ. ඒක කියලා පැහැදිලිව කියලා තියෙනවා”