ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස රමාල් සිරිවර්ධන පත් කර තිබෙනවා.
විෂයභාර අමාත්‍ය විජිත හේරත් විසින් මෙම පත් කිරීම කර ඇති අතර මෙයට පෙරද අවස්ථා දෙකකදී ශ්‍රී ලංගම සභාපතිවරයා ලෙස රමාල් කටයුතු කරනු ලැබුවා.
1994 වසරේදී සහ 2015 වසරේදී ලංගම සභාපති ධුරය දැරූ ඔහු, 2006 සහ 2007 වසරේදී ලංගම ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කළා.