Fri. Jun 27th, 2025

සම්බන්ධන් වෙනුවට කුගදාසන්

Jul3,2024

ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ පාර්ලිමේන්තු මන්ත්‍රි අභාවප්‍රාප්ත ආර් සම්බන්ධන් මහතාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත අද දිනයේ දී රැගෙන ඒමට නියමිතයි.

බොරැල්ල රේමන්ඩ් මල්ශාලාවේ තැන්පත් කර ඇති ආර් සම්බන්ධන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් මේ වනවිටත් පැමිණෙමින් සිටිනවා.

සම්බන්ධන් මහතාගේ දේහය රේමන්ඩ් මල් ශාලාවේ සිට අද පස්වරු 1ට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට නියමිතයි.

පස්වරු 2 සිට 4 දක්වා දේහය පාර්ලිමේන්තු පරිශ්‍ර යේ ඉදිරිපස ආලින්දයේ පිහිටි උත්සව ශාලාවේ තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්වන්නැයි පාර්ලිමේන්තු මහලේකම්වරිය මන්ත්‍රිවරුන්ගෙන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා.

බ්‍රහස්පතින්දා දිනයේදී දේහය ත්‍රිකුණාමලය බලා රැගෙන යාමට නියමිතයි.

දේහය පිළිබඳ අවසන්කටයුතු ලබන ඉරිදා ත්‍රිකුණාමලයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා කදිරවේලු සන්මුගම් කුගදාසන් මහතා තෝරා පත්කරගෙන තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව මෙම පත්කිරීම සිදුකළ බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *