සමගි ජන බලවේගයේ ප්‍රධාන නායකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල දේශපාලනයෙන් විශ්‍රාම යෑමට තීරණය කර තිබෙනවා.
ලක්ෂ්මන් කිරිඇල්ල අඛණ්ඩව වසර 36 ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයෙක්.
ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පිවිසීමට බලාපොරොත්තු නොවන බවත් විවේක සුවයෙන් සිටීමට බලාපොරොත්තු වන බවත් කිරිඇල්ල පවසා සිටියා.
ඒ අනුව මෙවර මහ මැතිවරණයට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙනුවට ඔහුගේ දියණිය සමගි ජන බලවේගය නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කය සදහා තරග වැදීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.
පසුගිය ජනාධිපතිවරණයේ මහනුවර ප්‍රචාරක රැළියේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අභිබවා යමින් සිය දියණිය කැපී පෙනෙන ආකාරයෙන් සංවිධාන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයෙන් කිරිඇල්ලට විරෝධතා එල්ල වුණා.