Sat. Jun 28th, 2025

ගෑස් ලිපටයි ටීවි එකටයි මිනී මරලා

හැත්තෑහත් හැවිරිදි පුද්ගලයෙකුගේ ගෙළ සිරකර මරාදැමූ සැකකරුවකු පානදුර දකුණ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්හතර හැවිරිදි පානදුර මිනුවන්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

රාත්‍රී 8ට පමණ පසුපස දොරින් නිවසට ඇතුළු වූ සැකකරු වයෝවෘද්ධ පුද්ගලයා ඝාතනය කර නිවසේ තිබූ රූපවාහිනී යන්ත්‍රයක් ගෑස් ලිපක් හා සිලින්ඩරයක් සොරාගෙන මෘත ශරීරය නිවස පිටුපස කෙසෙල් පඳුරක සඟවා පළාගොස් තිබූ බව පොලිසිය අනාවරණය කළා.

පානදුර දකුණ පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලින් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන සොරා ගත් භාණ්ඩ ද සොයාගත් බවයි පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *