දැරණියගල දෙල්ඔළුව ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වූ දෙදෙනෙක් මවකගේ හිසට ගිනි අවියක් තබා තර්ජනය කර 18 හැවිරිදි ඇගේ දියණිය පැහැරගෙන ගොස් තිබෙනවා. මේ දෙදෙනාගෙන් අයෙක් පැහැරගත් තරුණියගේ පෙම්වතා බව අනාවරණය වී තිබෙනවා.
මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇති අතර සැකකරුවන් වයස 18-20 පමණ අයවළුන් බවයි හෙළි වී ඇත්තේ.
තරුණිය සහ මෙම සැකකාර තරුණයා දිගු කලක පෙම් සබඳතාවක් පවත්වා ඇති අතර තරුණියගේ මව මෙයට දැඩිව විරුද්ධ වී ඇති අතර සබඳතාව නවත්වන ලෙස තරයේ අවවාද කර තිබෙනවා.
එම විරෝධය නොතකා තරුණිය පෙම් සබඳතාව පවත්වා ඇති අතර ඥාති නිවසක කලක් නතර වී සිට ඇය පැමිණි පසු දුරකතනයෙන් ඒ බව පෙම්වතාට පවසා ඇති බවයි වාර්තා වන්නේ.
පසුව පෙම්වතා තම මිතුරකු සමඟ නිවසට ගොස් මවගේ හිසට ගිනි අවියක් තබා බිය ගන්වා පෙම්වතිය රැගෙන ගොස් තිබෙනවා.
ජනවාරි 13 දින පෙම්වතා බව කියන 19 හැවිරිදි තරුණයා සහ ඔහුගේ මිතුරා බෝර 12 ගිනි අවියක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.