Sat. Jun 28th, 2025

කෙහෙළිය පූර්ණ ආබාධිත වේවිලු

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පූර්ණ ආබාධිත තත්ත්වයට හෝ අංගවිකල තත්ත්වයට පත් වීමේ අවධානමක් ඇති බව ඔහුගේ නීතිඥයන් විසින් ඊයේ අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

යම් හෙයකින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා, පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වුවහොත් සිය සේවාදායකයාට ඇප ලබා දුන්නත් එහි ප්‍රතිපලයක් නොමැති බවයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සඳහන් කළේ.

එවැනි තත්ත්වයක රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබා කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සුවයක් බලාපොරොත්තු විය නොහැකි බැවින් සුදුසු ඇපයක් මත ඔහු මුදා හරින්නැයි ජනාධිපති නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට විරුද්ධත්වය දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම සඳහන් කළේ පූර්ණ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කර වාර්තා කැඳවා, එය සැළකිල්ලට ගැනීමෙන් පසුව සැකකරුට ඇප ලබා දීම පිළිබඳව සළකා බැලිය හැකි බවයි.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය කෙහෙළිය රඹුක්වැල්ල පූර්ණ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කර කඩිනම් වාර්තාවක් කැඳවන ලෙස නියෝග කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *