Sun. Jun 22nd, 2025

කෙහෙළිය නිහැඬියාව බිඳී: දේශපාලනය ගැන තීන්දුවක්!

Oct14,2024 #2024 #news #slpolitics

ව්‍යාජ මානව ප්‍රතිදේහ එන්නත් නිෂ්පාදනය කර රජයට කෝටි ගණනක පාඩුවක් සහ ජන ජීවිතයට බලපෑමක් කළ බවට වන සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවෙකු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට මාස කිහිපයකට පසු පසුගිය දා ඇප ලැබුණා.

දිගු නිහැඬියාවකට පසු ඔහු ඊයේ (13) සිය පාක්ෂිකයන් ආමන්ත්‍රණය කළා. එහිදී ඔහු කියා සිටියේ පසුගිය සිදුවීම් ගැන කතා නොකරන බවත් අධිකරණය ගැනවිශ්වාසය තබන බවත්. පිරිසිදුව දේශපාලනය කළ තමන් ඉදිරියේදී නැවත වරක් පිරිසිදුව ම දේශපාලනය කිරීමට හැකි වුවහොත් දේශපාලන කටයුතු කරන බව ප්‍රකාශ කළ කෙහෙළිය තමන් දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත් වෙන බව සඳහන් කළා. එසේම තමා ව්‍යාපාර කටයුතුවල යෙදීමට අදහස් කරන බවද ඔහු පාක්ෂිකයන් හමුවේ කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *