Sat. Jun 28th, 2025

සංජීව මැරූ තරහට කෙහෙල්බද්දර පද්මේගේ බිරිඳගේ මව්පියන් ඝාතන සැලසුමක්

Feb26,2025

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස කෙහෙල්බද්දර පද්මේගේ බිරියගේ මව්පියන් ඝාතනය කිරීමට ගත් උත්සහයක් පන්නල පොලිසිය මඟින් ව්‍යාර්ථ කර තිබෙනවා.

ගණේමුල්ල සංජීව ඝාතනය මෙහෙයවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ නම් අපරාධකරු වෙතයි.

ඒ හේතුවෙන් ගණේමුල්ල සංජීවගේ පාර්ශ්වය විසින් කෙහෙල්බද්දර පද්මේගේ පාර්ශ්වයට කුමන හෝ සබඳතාවක් ඇති සියලුදෙනාම ඝාතනය කරන බවට තර්ජනය කර ඇති බව අරක්ෂක අංශ වෙත තොරතුරු අනාවරණය වී තිබෙනවා.

කෙහෙල්බද්දර පද්මේගේ බිරියගේ පන්නල පිහිටි නිවස විඩියෝගත කරමින් සිටි තරුණයන් දෙදෙනෙකු පන්නල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ එවන් පසුබිමකයි.

එලෙස අත්අඩංගුවට ගත් වයස අවුරුදු 21 හා 24 යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙක් වන අතර සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ, ඩුබායි සමීර නම් අපරාධකරුගෙන් ලද පණිවුඩයකට අනුව අදාළ නිවස විඩියෝ ගත කළ බවයි.

එම නිවසට පිවිසිය හැකි ගමන්මග විඩියෝ කර තමන්ට එවන ලෙසට ඩුබායි සමීර නැමැත්තා උපදෙස් දුන් බවත් මත්ද්‍රව්‍ය පානය කිරීමට විටින් විට ඔහු විසින් මුදල් ලබාදීම හේතුවෙන් එය සිදුකළ බවත් සැකකරුවන් පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

මොවුන් දෙදෙනා ප්‍රහාරය සඳහා සූදානම්ව සිට ඇති බවට සැකකරන බැවින් හෙට (27) දිනය දක්වා ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කරන අතර හෙට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *