Sat. Jun 28th, 2025

කරුණා-පිල්ලෙයාන් යළි ඇවිළෙයි – 4ක් ඇතුළට!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණාගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් පාර්ලිමේන්තුව මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයෙකුට හා ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙකුට කඩු පොලුවලින් පහර දුන් බවට කියන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ තමිල් මක්කල් විඩුතලෛ පුලිගල් පක්ෂයේ 4ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පහර කෑමෙන් තුවාළ ලැබූ දෙපාර්ශ්වයේම 7ක් රෝහල්ගත කර තිබෙනවා.

කරුණාගේ පක්ෂයෙන් තරඟ වදින අපේක්ෂකයාගේ නිවසේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර ඒ අවස්ථාවේදී පිල්ලෙයාන්ගේ පක්ෂයේ පිරිසක් එතැනට පැමිණ ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව ගැටුම ඇරඹී තිබෙනවා.

මඩකලපුව පොලිසිය විමර්ශන පවත්වනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *