සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීම නිසා පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට කරූ පරණවිතාන මහතා පත්වනු ඇතැයි වාර්තා වෙනවා.
ඒ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික් සමඟි ජන බලවේග මනාප ලැයිස්තුවේ ඊළඟ ස්ථානය කරූ පරණවිතාන විසින් ලබා ගෙන තිබීම නිසා.
මේ වන විට පාඨලී චම්පික විසින් නායකත්වය දරන එක්සත් ජනරජ පෙරමුණේ සාමාජිකයෙකු ලෙස ද කරූ පරණවිතාන කටයුතු කරනවා.