Mon. Jun 30th, 2025

ක්‍රිකට් වැඩ්ඩාට වෙඩි තැබූ අය අල්ලයි

Jul18,2024

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ධම්මික නිරෝෂණ ඝාතනයට සැකපිට එක් අයෙක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

ධම්මික නිරෝෂණ හෙවත් ජොන්ටි අඟහරුවාදා (16) ඔහුගේ අම්බලන්ගොඩ, කන්ද ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටදී වෙඩිතබා ඝාතනය කර තිබුණා.

වෙඩිතැබීම සඳහා පුද්ගලයින් තිදෙනෙක් පැමිණ තිබූ බවයි වාර්තාවන්නේ.

බූරු පිටියක ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඔහුව ඝාතනය කර ඇති බවට විවිධ තොරතුරු වාර්තා වුණා.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා පැවසුවේ සැකකරු බොහෝ විස්තර හෙළිකර ඇති බවයි.

එසේම රටපුරා සිදුවන බොහෝ වෙඩි තැබීම් වලට හේතුව යුද සමයෙන් පසුව ගිනි අවි තවමත් සංසරණය වීම බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *