Sun. Jun 29th, 2025

කාර් – බයික් අනතුරින් – 19 හැවිරිදි තරුණයා මරුට

Jul17,2024

ගල්ගමුව ආණමඩුව මාර්ගයේ පළුකන්දෑව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ආණමඩුව දෙස සිට ගල්ගමුව දෙසට ධාවනය වූ කාර් රථයක් ඊ‌ට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..

එලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

කාර් රථයේ රියදුරු වශයෙන් කටයුතු කළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ගල්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *