ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා.
කමිදු මෙන්ඩිස් ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 5කින් ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඔහු නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 11 වන ස්ථානයේ රැඳී සිටිනවා.
ප්‍රභාත් ජයසූරිය පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලින් එක් ස්ථානයක් ඉදිරියට පැමිණ සම 07 වන ස්ථානයේ රැඳී සිටිනවා.
පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල දිනේෂ් චන්දිමාල් ස්ථාන 06කින් ඉදිරියට පැමිණ 20 වන ස්ථානයේත් ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන 04කින් ඉදිරියට පැමිණ 23 වන ස්ථානයේත් කුසල් මෙන්ඩිස් ස්ථාන 08කින් ඉදිරියට පැමිණ 43 වන ස්ථානයේත් රැඳී සිටිනවා.
සිය පළමු තරඟය පමණක් ක්‍රීඩා කළ නිශාන් පීරිස් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 59 වන ස්ථානයේත් අසිත ප්‍රනාන්දු 13 වන ස්ථානයේත් රැඳී සිටිනවා.