යුගයේ අවශ්‍යතාවය අනුව ජනතාවගේ යහපත වෙනුවෙන් ඡන්දයට ඉදිරිපත්වීමට තමා සූදානම් බව සිනමා නළු කමල් අද්දරආරච්චි පවසනවා.
තමන්ට ඒ සඳහා හැකියාව මෙන්ම සුදුසුකම්ද ඇති බවයි ඔහු පවසන්නේ. තම රසික රසිකාවියන් රට පුරා සිටින බවද ඔහු වැඩිදුරටත් පවසනවා.
මැතිවරණයට ඉදිරිපත් වෙන ලෙස ඉල්ලීමක් ලැබෙන්නේ නම් කුමන පළාතකින් වුවද ඉදිරිපත් වන බවත් වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා දිය යුතු බවත් ඔහු පවසා තිබෙනවා. වත්මන් රජයේ ප්‍රධාන බලවේගය වන ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර පිළිබඳ වූ සිනමාපටයේ විජේවීරගේ චරිතය රඟ දැක්වූයේද කමල් අද්දරආරච්චි විසිනුයි.