Sun. Apr 27th, 2025

දෙන්නම් කාසිවලට කළ අහස පොළොව නුහුලන අපරාධය

Mar6,2025 #kajja #middeniya

අරුණ විදානගමගේ හෙවත් කජ්ජාගේ ඝාතනය රුපියල් ලක්ෂ 5ක කොන්ත්‍රාත්තුවක් මත සිදු කර ඇතැයි අනාවරණය වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, ඉන් රුපියල් ලක්ෂ දෙකහාමාරක මුදලක් සැකකරුගේ බිරිඳගේ බැංකු ගිණුමට බැර කර ඇති බවයි.

ඉතිරි මුදල, ගිණුම්ගත කිරීමේ එකඟතාව මත ඝාතනය සිදුකර ඇතැයි අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත්, මේ දක්වා එම මුදල සැකකරුට දී නොමැති බව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇතැයි පොලීසිය සඳහන් කළා.

කජ්ජාට පසුගිය පෙබරවාරි මස 18 වැනි දා මිද්දෙණිය ප්‍රදේශයේ දී වෙඩි තැබූ අතර එම වෙඩි තැබීමෙන් ඔහුගේ දරු දෙදෙනා ද අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *