අතුරුගිරියේ වෙඩිතැබීමෙන් තුවාල ලැබු ගායන ශිල්පිණී කේ. සුජීවා මහත්මියට සිදුකළ ශල්‍යකර්මයෙන් පසුව ඇය සුවය ලබමින් සිටින බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.
මේ වනවිට ඇය රෝහල් වාට්ටුවක දැඩි නිරීක්ෂණය යටතේ පසුවන බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ අතර වෙඩි තැබීමෙන් තුවාල ලැබු සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්තගේ බිරිඳ මේ වන විටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තාවනවා.
ක්ලබ් වසන්ත ඝාතනය සිදුකළ ඝාතකයින් පළාගිය වෑන් රථයේ හිමිකරුවන් සම්බන්ධයෙන් ද මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
කෙසේවෙතත් එම වෑන් රථය හිමිකරුවන් කිහිපදෙනෙකු විසින් ලියාපදිංචි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයාබලමින් සිටින බවයි පොලීසිය සඳහන් කළේ.
ඝාතකයින් පළාගිය වෑන් රථය ඊයේ පස්වරුවේ බුලත්සිංහල ප්‍රදේශයේ දී සොයාගැනුණා.
බුලත්සිංහල, දෙමැල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී වෑන් රථය සොයාගත් අතර වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය ද කඩුවෙල කොරතොට ප්‍රදේශයේ තිබී සොයාගත් බව පොලීසිය සඳහන් කළා.