මේ වර්ෂයේද සේවකයන් වෙත ප්‍රසාද දීමනා ලබා නොදීමට ලංකා විදුලි බල මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ විදුලි සේවක සංගමය වන ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පසුගිය දා මාධ්‍ය හමුවක් පවත්වමින් ගෝරනාඩු කළේ මේ ආණ්ඩුව තමන්ගේ බවත් ප්‍රසාද දීමනා අනිවාර්යෙන් ලබා ගන්නා බවත් කියමින්. ඔහු කියා සිටියේ විදුලි බල මණ්ඩලය මේ වන විට ලාබ ලබන තත්වයේ පවතින බවයි.
කෙසේ වෙතත් ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය වී ඇත්තේ ප්‍රසාද දීමනා ලබා නොදීමටයි. මණ්ඩලය ලාබ ඉපැයූවද ඉන් බිලියන 112ක්ම ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු ආයතන වෙත ණය ගෙවා ඇති බවත් ඉතිරිව ඇති බිලියන 41 මේ වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට යෙදවූ බවත් අධ්‍යක්ෂ මණ්ඩලය කියා සිටිනවා.