Sat. Jun 28th, 2025

අධිකරණ ඇමැතිගෙන් CID එකට පැමිණිල්ලක්!

Dec16,2024 #npp #Political

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද (16) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තමාගේ හැඳින්වීමට ආචාර්ය යනුවෙන් යොදා තැබූ බවත් තම වසර 25ක නීතිඥ දිවිය තුළ හෝ මැතිවරණ ව්‍යාපාරය තුළ කිසිදා ආචාර්ය හැඳින්වීමක් භාවිතා නොකළ බවත් මෙසේ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ හැඳින්වීම කුමන්ත්‍රණයක් බවට සැකයක් පවතින බැවින් සම්පූර්ණ විමර්ශනයක් කරන ලෙස රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් ඇමැතිවරයා කියා සිටියා.

පාර්ලිමේන්තු බලධාරීන් මෙය නිවැරැදි කර සමාව ඉල්ලා සිටියද තමාත් තමා නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයත් අපහසුතාවට පත් කරමින් ප්‍රචාරයක් දියත් වීම අවධාරණය කළ ඇමැතිවරයා සාධාරණ පරීක්ෂණයක් අපේක්ෂා කරන බව පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *