Sun. Jun 29th, 2025

හරියට වතුර පිරිපහදු කරනවා – වමනය හා පාචනය ඇති වෙනවා කියන්නේ බොරු – ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය

Jun12,2024

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පානීය ජලය හේතුවෙන් ඇතැම් පාරිභෝගිකයන්ට වමනය හා පාචනය වැනි රෝගී තත්ත්වයන් ඇති වී ඇති බවට සමාජ මාධ්‍ය තුල සංසරණය වන පුවත් අසත්‍ය බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.

ජල සම්පාදන මණ්ඩලය පානීය ජලය සපයනු ලබන්නේ නිසි ක්‍රමවේදයකට අනුව පිරිපහදු ක්‍රියාවලියකින් අනතුරුව තත්ත්ව පරික්ෂාවන්ට ලක් කිරීමෙන් පසුව බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ.

එහිදී ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නිර්දේශිත එස්.එල්.එස් 614 ප්‍රමිතියට අනුකූලව එය සිදු වනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය බෙදා හැරීමේ නලවලට හානි සිදු වීමෙන් ඇතැම් විට මිතුපිට අපවිත්‍ර ජලය බෙදා හැරීමේ නල පද්ධතියට එක් වි ජලය අපවිත්‍රවීමේ ප්‍රවණතාවක් පැවතිය හැකි බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ.

එහෙත් මේ වන විට ජල සම්පාදන මණ්ඩලයේ රසඥවරුන් රසායනාගාරවලින් කරන ලද පරික්ෂනවලට අනුව එවැනි අවදානම් තත්ත්වයක් බෙදා හරින පානීය ජලයේ වාර්තා නොවන බව තහවුරු වී තිබෙනවා.

පාරිභෝගික නිවස තුළ ජල ගබඩා ටැංකි නිසි පරිදි පිරිසිදු කර නොගැනීම හා ඒ පිළිබඳ පාරිභෝගකයන් නිසි ලෙස දැනුවත් නොවීම හේතුවෙන් ගැටලුකාරී තතත්වයක් උද්ගත වන බවද ජල සම්පාදන මණ්ඩලය පෙන්වා දෙනවා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *