Sat. Jun 28th, 2025

විනිසුරු තිළිණ ගමගේට මාරුවීමක්

Jan1,2025 #news #slpolitics

කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ තිළිණ ගමගේ අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි මොරටුව දිසා විනිසුරුවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා. ඒ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින්.

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට අදාළ නඩුව විභාග කිරීම සඳහා වෙනත් මහෙස්ත්‍රාත්වරයෙකු පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ තිළිණ ගමගේ මහතා ඊයේ අධිකරණ සේවා කොමිසම වෙත ලිඛිත ඉල්ලීමක් යොමු කර තිබුණා.

කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලෙස පත් කර ඇති අතර කොටුව මහේස්ත්‍රාත් ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය පත්කිරීමට කටයුතු කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *