පසුගිය ජනපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ලෙසද කටයුතු කළ ජනක රත්නායක සහ ඔහුගේ බිරිඳට දෙසැම්බර් 10 දින අධිකරණයේ පෙනී ඉන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නියෝග කර තිබෙනවා.
මේ දෙදෙනා වගඋත්තරකරුවන් කර නඩු පවරා තිබුණේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසිනුයි. පරිගණක සේවා සැපයීමේ සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් තුන් කෝටි තිස් හය ලක්ෂයකට (33697936.61) අධික බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරි බවයි චෝදනා නගා ඇත්තේ.