ජනතාව උකස් කළ රන් බඩු වල පොලියෙන් 50%ක් කපන බව ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ ඊයේ සවස පැලියගොඩ සහ කිරිබත්ගොඩ නගරයේ ජනතාව හමු වුණ අවස්ථාවේදී.
ජනක රත්නායක එහිදී වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කළා.
“අපි අද ආවා කිරිබත්ගොඩ නගරයට මගෙ ඡන්ද වැඩකටයුතු කරන්න. අපිට පේනවා පොළවල්වල මහජනතාව නෑ. ජනතාව ඉන්නේ උකස් බඩු කඩවල. ජනතාවට බඩු ගන්න සල්ලි නෑ. ඔවුන්ගේ රත්තරන් බඩු ගොඩක් උකස් කඩවලට සින්න වෙන්න යන්නේ. මම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වලා තියෙන්නේ එහෙම උකස් කරපු බඩුවල පොලිය සීයට පනහක් කපා හරින බව. ආර්ථිකය ගැන දන්න ව්‍යාපාර ඥානය තියෙන පුද්ගලයෙක් ජනාධිපති කර ගත යුතුයි. ඒ සඳහා මම ඉදිරිපත්ව සිටිනවා.”