හිටපු අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දුට අයත් බවට සැක කෙරෙන ෆෝර්ඩ් වර්ගයේ තවත් සුඛෝපභෝගී රථයක් පන්නිපිටිය, ලියනගොඩ ප්‍රදේශයේ ගරාජයක තිබී සොයා ගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග වාර්තා කරනවා.
හිටපු ඇමැතිවරයාගේ රියදුරකු විසින් පසුගිය පෙබරවාරි මාසයේදී මෙම රථය ගරාජයට රැගෙනවිත් තිබු බව අනාවරණය වී තිබෙනවා.
රැගෙන එන විට එහි ලියාපදිංචි අංක තහඩු නොතිබූ බවද වාර්තා වෙනවා.