හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සිය නීතීඥවරයා මාර්ගයෙන් අද (22) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ තමන් ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී වාහනයක් පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙට (23) ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවයි.
ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා මෙම සහතිකය ලබා දුන්නා.