බ්‍රිතාන්‍යයේදී පැහැරගත් බව කියන සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධ නඩුවට අදාළව රක්ෂිත බන්ධානාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරයේ සිට අද (30) අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.
පසුගිය 23 වැනි දා මෙම මෝටර් රථය කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක රථගාලේ නවතා තිබියදී සොයා ගැනුණා.
මෙම රථය මෙරට ලියාපදිංචි නොකළ එකලස් කළ එකක් බවයි අනාවරණය වී ඇත්තේ.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරු වන්නේ හිටපු අමාත්‍යවරයායි.