Sun. Jun 29th, 2025

ජොනී තවමත් අතුරුදන්!

Oct19,2024 #2024 #news #slpolitics

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද බී.එම්.ඩබ්ලිව් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධ පරීක්ෂණයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටින හිටපු කුරුණෑගල දිස්‍ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සොයා ගැනීමට මෙතෙක් නොහැකිව ඇතැයි වාර්තා වෙනවා.

මෙම වාහනය හිල්ටන් හෝටලයේ රථගාලේ අතහැර දමා ගොස් තිබියදී හමු වුණා.

හිටපු මන්ත්‍රීවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණද අසනීප බව පවසා ඔහු එය මගහැර තිබුණා.

ඔහු සිටින ස්ථාන කිහිපයකම සොයා බැලුවද ඔහු ඒවායේ සිට නැති බව පැවසෙනවා. දිගින් දිගටම මෙලෙස සීඅයිඩීය මගහැර සිටින්නේ නම් ඒ බව අධිකරණයට වාර්තා කිරීමට අදාළ දෙපාර්තමේන්තුව කටයුතු කරන බවයි පැවසෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *