ගැටුමක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා සැප්තැම්බර් 24 වනදා යළි විවෘත කෙරෙන බව එහි පාලනාධිකාරිය දැනුම් දී තිබෙනවා.
ඒ අනුව සැප්තැම්බර් 23 වන දා සිට නේවාසිකාගාරවල සිටින සිසුන්ට තම නේවාසිකාගාර වෙත ආපසු පැමිණිය හැකි බවයි ඔවුන් පවසන්නේ.
සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉකුත් 12 වන දා සවස 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණා.