Sun. Jun 29th, 2025

ජාජබ ප්‍රචාරක පුවරු ඉවත් කළේ මම කිව්ව නිසා – නාගරික කොමසාරිස්

Jul19,2024

ජාතික ජනබලවේගයේ මහනුවර නගර මධ්‍යයේ ප්‍රදර්ශනය කර තිබූ ප්‍රචාරක පුවරුව ඉවත් කරනු ලැබුවේ තමන්ගේ නියෝගය මත යැයි මහනුවර නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය පවසනවා.

මෙම ප්‍රචාරක පුවරුව ඉවත් කිරිම සම්බන්ධයෙන් පසුගියදා පැවති ජන රැළියකදී කේ ඩී ලාල්කාන්ත මහතා පුවරුව ඉවත් කළ අදාල නිලධාරියාට තර්ජනාත්මක ස්වරූපයෙන් අදහස් පළකර තිබුණා.

මහනුවර ඔරලෝසු කණුව ඉදිරිපිට පැවති ජාතික ජනබලවේගයේ ප්‍රචාරක පුවරුවක් ඉවත් කිරිමට උත්සහ කළේ යැයි කියන සිද්ධියක් මුල්කර ගනිමින් එම පක්ෂයේ විධායක සභික කේ ඩී ලාල්කාන්ත මහතා මහනුවර පැවති රැස්වීමකදි තමන්ට බැණ තර්ජනය කළ බව කියමින් මහනුවර නගර සභාවේ වැටලීම් අංශයේ ප්‍රධානී අනුර වස්ගේවත්ත මහතා මහනුවර පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

මහනුවර මධ්‍යම වෙළදපල ඉදිරිපිට පසුගිය 16 වනදා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම රැළිය පැවැත්වුණේ.

එම රැළිය අමතමිනුයි ලාල් කාන්ත මහතා මෙම තර්ජනය සිදුකර ඇත්තෙ.

නගර සභා පරිපාලන උපදෙස් මත අදාල ප්‍රචාරක පුවරැව ඉවත් කිරිමටයි වැටලීම් අංශයේ ප්‍රධානී අනුර වස්ගේවත්ත මහතා කටයුතු කර තිබුණේ.

එමෙන්ම අදාල ප්‍රචාරක පුවරැව සදහා නගර සභාවට කළ යුතු ගෙවිම්ද සිදුකර නොතිබුණු බවයි මහනුවර නගර සභාව පවසන්නේ.

එහෙත් අදාල ප්‍රචාරක පුවරැව ආරක්ෂාකාරිව තබාගෙන යළි ජාතික ජනබලවේගයේ ප්‍රචාරක රැළිය දින ඔවුන්ට ලබාදීමට ද නගර සභාව කටයුතු කර තිබුණා.

අනුර වස්ගේවත්ත මහතාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *